General08 June 2026

ජාත්‍යන්තර සාගර දිනය අදයි - ජාතික සැමරුම දියත උයනේදී

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ අපගේ නිල් ග්‍රහලෝකය සඳහා ශක්තිමත් සමුද්‍ර ආරක්‍ෂිත කලාප යන්නයි.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුයේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2008 වසරේ, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගර දිනය වෙනුවෙන් වන ජාතික වැඩසටහන අද බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී පරිසර අමාත්‍ය ධම්මික පටබැදිගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes