රැකියා හෝ වෙනත් අවශ්‍යතාවලට ඉතියෝපියාව (Ethiopia) වෙත ගොස් සිටියදී එරටදී පැහැරගැනීමට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු (03) ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකින් පසු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පැහැරගැනීම සිදුකර අදාළ ශ්‍රී ලාංකිකයින් මුදා හැරීම සඳහා ඇමරිකානු ඩොලර් 90,000ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉතියෝපියානු ජාතිකයින් දෙදෙනෙකු සහ පකිස්ථාන ජාතිකයින් සිව්දෙනෙකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු (06) එරට ආරක්ෂක අංශ විසින් සාර්ථක ලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ ඉතියෝපියාවේ අඩිස් අබාබා පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සම්බන්ධීකරනයෙන් ඉතියෝපියානු ආරක්ෂක අංශ විසින් සිදුකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතාගෙන් කළ විමසීමකදී තහවුරු කර සිටියේ, පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් පිරිස සාර්ථකව මුදාගෙන ඇති නමුත් ඔවුන් මෙතෙක් මෙරටට ගෙන ඒමට කටයුතු කර නොමැති අතර, මේ වන විටත් ඉතියෝපියාව තුළ සුරක්ෂිතව පසුවන බවයි.
එමෙන්ම ඔවුන්ව කඩිනමින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ඉතිරි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මේ වන විට අමාත්‍යාංශය හරහා සම්බන්ධීකරණය වෙමින් පවතින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest News
වාහන අංක තහඩු මුද්‍රණය අද සිට යළි ඇරඹේ
Local
08 June 2026
රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයට තවත් 237 ක්: සම්මුඛ පරීක්ෂණ ජූනි 20 සහ 21 දා
Local
08 June 2026
දූෂණ චෝදනාවලට වැරදිකරු වූ ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Local
08 June 2026
කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මරුට
Local
08 June 2026
රියදුරු බලපත්‍රයක් නොමැතිව මගී ප්‍රවාහන බස් රථයක් ධාවනය කළ තරුණයෙක් අත්අඩංගුවට
Local
08 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශන: කර්නල් කැලුම් මද්දුමගේ ඉදිරිපත් කළ පෙත්සම ජුනි 22 යළි කැඳවයි
Local
08 June 2026
චීන ජනාධිපති ෂී ජින්පින් වසර හතකට පසු ඓතිහාසික සංචාරයක් සඳහා උතුරු කොරියාවට ළඟා වෙයි
Local
08 June 2026
සලේ රෝහල් ගතකළ බව CIDය අධිකරණයට දන්වයි
Local
08 June 2026
ඉතියෝපියාවේදී පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරාගැනෙයි
Local
08 June 2026
ඕමන්තේ මනුෂ්‍ය ඝාතනයක සැකකරුවන් 03ක් සහ සැකකාරියන් 2ක් පොලිස් දැලට
Local
08 June 2026