General08 June 2026

වාහන අංක තහඩු මුද්‍රණය අද සිට යළි ඇරඹේ

වසරකට වැඩි කාලයක් නවතා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) පෙරවරුවේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් වාහන පරීක්ෂා කිරීමේ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති මුද්‍රණ අංශයේදී යි.

වසර 22 ක් තිස්සේ මෙරට වාහන අංක තහඩු මුද්‍රණය කිරීම සිදුකරන ලද පෞද්ගලික සමාගමේ නිල කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් මස අවසන් වීමත් සමග මුද්‍රණ කටයුතු තාවකාලිකව නතර කෙරුණා.

යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන් රථ සහ බස් රථ ඇතුළු සියලු වාහන කාණ්ඩයන්ට අදාල අංක තහඩු මුද්‍රණ කටයුතු අද දින සිට කඩිනම් කර තිබෙනවා.

මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැනි අදහසක්.

‘විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තුල තාක්ෂණික කමිටු ඇගයීම් අනුව අදාල ආයතන තෝරා ගනිමින් ප්‍රමිතිගතව වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මුද්‍රණ කටයුතු නතර තර තිබූ අංක තහඩු ප්‍රමාණයත්, අලුතින් ලියාපදිංචි වන සියලුම වාහන සදහාත් අංක තහඩු දෛනිකව මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරනවා. අංක තහඩුවේ මුද්‍රණ කටයුතු අවසන් වූ විගස ඒ පිළිබද පැය දෙකක් තුල කෙටි පණිවිඩයක් මගින් වාහන හිමියාට දැනුම්දීමටත් නව වැඩපිළිවෙල යටතේ කටයුතු කර තිබෙනවා''
Related recommendation
Hiru TV News | Programmes