General08 June 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: කර්නල් කැලුම් මද්දුමගේ ඉදිරිපත් කළ පෙත්සම ජුනි 22 යළි කැඳවයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නිලධාරියකු වන කර්නල් කැලුම් මද්දුමගේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ජුනි මස 22 වැනිදා කැඳවන ලෙස අභියාචනාදීකරණය නියම කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් විසින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළා.

ඉන් අනතුරුව අදාල පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම නීතිපතිවරයාගේ මූලික විරෝධතාව අනුමත කරමින් කරුණු ඉදිරිපත් කළා.

අනතුරුව මෙම මූලික විරෝධතාව පිළිබඳව පෙත්සම්කාර පාර්ශ්වයේ කරුණු දැක්වීම සඳහා මෙම නඩුකරය ජුනි මස 22 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
Related recommendation
Hiru TV News | Programmes