ලාංකීය කලා ක්ෂේත්රයේ කාගේත් ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගවේදිනියක, පරිසරවේදිනියක ලෙස ගරු බුහුමනට ලක් වූ අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ කලාකාරිනිය අද (09) සිය ජීවන ගමන් මගේ 99 වැනි වියට පා තබනවා.
1927 ජුනි මස 9 වැනිදා රුවන්වැල්ලේදී උපත ලැබූ ඇය, අයිරාංගනී රොක්සානා මීදෙණිය වූ අතර විවාහයෙන් පසු අයිරාංගනී සේරසිංහ නම් වූවා.
කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, බිෂොප් විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය, පසුව ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. (B.A.) උපාධිය හිමිකරගත්තා.
රංගන ක්ෂේත්රයට පිවිසීමට පෙර කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ ඇය, පසුව 'ටයිම්ස්' පුවත්පතේ සහ ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදිනියක ලෙස ද කටයුතු කර තිබෙනවා.
1950 දශකයේදී ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ඉංග්‍රීසි නාට්‍යවලට රංගනයෙන් දායක වෙමින් කලා ක්ෂේත්රයට පිවිසි ඇය, 1955 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකින් සිනමාවට පිවිසියා.
ඉන් අනතුරුව ලෙස්ටර්ගේම සුවිශේෂී සිනමා නිර්මාණයක් වූ "රේඛාව" චිත්‍රපටයේ 'කතිරිනා හාමි' චරිතය නිරූපණය කරමින් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ අතර, ඒ වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලැබීමටද සමත් වුණා.
අද්විතීය රංගන දායකත්වය වෙනුවෙන් "කලාකීර්ති" ඇතුළු ජාතික මට්ටමේ සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඇය, ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂිකා දීපා මේතාගේ "වෝටර්" (Water) චිත්‍රපටය ඇතුළු ජාත්‍යන්තර සිනමා නිර්මාණ කිහිපයකට ද තම රංගන දායකත්වය සපයා තිබෙනවා.

Latest News
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී දෙවැනි නෞකාවටත් ඉරානයෙන් ප්‍රහාර
Local
12 July 2026
කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට: තවත් පිරිසකට තුවාල
Local
12 July 2026
මැදපෙරදිග දැඩි නොසන්සුන්තාවක්: කටාර් UAE සහ බහරේනයට එල්ල වූ ප්‍රහාර රැසක් ව්‍යර්ථ කෙරේ
Local
12 July 2026
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
Local
12 July 2026
පාපන්දු ඔට්ටුව පැරදෙයි: නෝර්වේජියන් ගුවන් සමාගමේ නිල සලකුණ බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ ලාංඡනයට මාරු වෙයි
Local
12 July 2026
භාණ්ඩාගාරයේ ඊමේල් පද්ධතිය 2019 වසරේ සිටම යල් පැන ගිහින්: මුදල් කාරක සභාවේදී හෙළිවෙයි
Local
12 July 2026
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026