තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ චීන වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකරන ලද මුරසංචාර ප්රකෝපකාරී ක්‍රියාවක් බව තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ පවසනවා.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා එරට සන්නද්ධ හමුදාවන් සහ වෙරළාරක්ෂක පරිපාලනය ඉතා සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ජපානය සහ පිලිපීනය පසුගිය මාසයේදී තායිවානයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවන් ද ඇතුළුව, තමන්ට අයත් මුහුදු සීමා නීත්‍යානුකූලව වෙන්කර හඳුනාගැනීම සඳහා වන නිල සාකච්ඡා ආරම්භ කරන බව නිවේදනය කළා.
චීනය මෙම පියවර ගෙන ඇත්තේ ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්.
ජපානයේ සහ පිලිපීනයේ මෙම නිවේදනයට ප්‍රතිචාර වශයෙන් තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයේ විශේෂ මුහුදු ගමනාගමන නීති බලාත්මක කිරීමේ මෙහෙයුමක් දියත් කිරීම සඳහා නෞකා පිටත් කර හැරි බව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත්, තායිවාන වෙරළාරක්ෂක පරිපාලනය වහාම ක්‍රියාත්මක වී චීන නෞකාවලට අවවාද කර පළවා හැරීම සඳහා තමන්ගේම නෞකා එම කලාපයට යොදවා තිබෙනවා.
ඒ අනුව තායිවානය විසින් සීමා පනවා ඇති මුහුදු කලාපයෙන් එම චීන නෞකා පළවා හැරි බව ඔවුන් නිවේදනය කළා.
"පළමුවෙන්ම, මෙය ඉතා ප්රකෝපකාරී ක්‍රියාවක්. දෙවැනි කරුණ නම් මෙය මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක්" යනුවෙන් චීනයට විරෝධය දක්වමින් අමාත්‍ය කූ තායිවාන පාර්ලිමේන්තුවේදී පැවසුවා.
"ඔවුන් උත්සාහ කරන්නේ මකුළු දැලක් එලනවා වගේ මේ නැගෙනහිර මුහුදු කලාපය මුලින්ම තමන්ගේ අණසක යටතට ගන්නයි. මෙය අපේ රටේ ස්වෛරීභාවයට එල්ල කළ බරපතළ නිග්‍රහයක්," යනුවෙන් ද ඔහු පැවසුවා.
තායිවාන වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළේ අදාළ චීන නෞකා හතර ඊයේ අලුයම කාලයේදී තායිවාන මුහුදු සීමාවෙන් පිටව නැගෙනහිර දෙසට යාත්‍රා කළ බවයි.
අමාත්‍ය කූ වැඩිදුරටත් සඳහන් කළේ හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය අතර අඛණ්ඩව සහ සමීපව බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් කටයුතු කරන බවයි.
සාමාන්‍යයෙන් යුද සමයකදී වෙරළාරක්ෂක බලකාය නාවික හමුදාව යටතට පත් කෙරෙන අතර, සාමකාමී වටපිටාවකදී චීන වෙරළාරක්ෂක නෞකා නිරීක්ෂණය කිරීමේ වගකීම පැවරෙන්නේ වෙරළාරක්ෂක බලකායටයි. නාවික හමුදාව සාමාන්‍යයෙන් සිදුකරන්නේ චීන යුද නැව් පසුපස හඹා යමින් ඒවාට අවවාද කිරීම පමණි.
චීන යුද ගුවන් යානා සහ යුද නැව් දැනටමත් දිනපතාම පාහේ තායිවානය අවට කලාපයේ මෙහෙයුම් සිදුකරයි.
මීට අමතරව, බටහිර පැසිෆික් සාගරයේ දීර්ඝකාලීන මෙහෙයුමක නිරතව සිටින චීනයේ 'ලියාඕනිං' ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගමන් මඟ පිළිබඳවද තායිවානය දැඩි අවධානයෙන් පසුවෙයි. ආරක්ෂක අමාත්‍ය කූ ප්‍රකාශ කළේ එම නෞකාව මේ වන විට පිලිපීනයට නැගෙනහිර දෙසින් යාත්‍රා කරමින් පවතින බවයි.

Latest News
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026