සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා, එහි කළමනාකරු සහ කාන්තාවන් 12 දෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙම වැටලීම් ද්විත්වය සිදුකර ඇත්තේ ඊයේ (09) රාත්‍රීයේදී අළුත්ගම පොලිස් වසමට අයත් අළුත්ගම නගරයේ බවයි පොලිසිය පවසන්නේ.
ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 57ක් වන අළුත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
එහි ගණිකා සේවය සැපයීම සඳහා රැඳී සිටියදී අත්අඩංගුවට පත් සැකකාරියන් 12 දෙනා වයස අවුරුදු 23 ත් 43 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසනවා.
ඔවුන් තල්ගස්වල, මත්තක, ඇල්පිටිය, කිරිඇල්ල, නවන්තුඩුව, උඩකරවිට, වාද්දූව, මොරටුව, බදුල්ල, මාස්පොත, නුවරඑළිය සහ බිබිල යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අළුත්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, අළුත්ගම පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Latest News
තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන් විරෝධතාවක්
Local
10 June 2026
බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න : අධිකරණයෙන් CIDයට දැනුම්දීමක්
Local
10 June 2026
නයිට් ක්ලබ් රණ්ඩුවක් දුරදිග යයි: එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ගෙදර යන්නම සැරසෙයි!
Local
10 June 2026
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්
Local
10 June 2026
සලේ වෙනුවෙන් ඇරඹූ සත්‍යග්‍රහය අවසන්
Local
10 June 2026
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
10 June 2026
මෙටා සමාගම ඉන්දියාවේ මුල්ම AI දත්ත මධ්‍යස්ථානය පිහිටුවීමට මුකේෂ් අම්බානි සමග අත්වැල් බැඳගනී!
Local
10 June 2026
''කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය තීරණය කර නැහැ'' අගමැතිනිය
Local
10 June 2026
තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දිනයේදී කීටයන් සහිත පරිශ්‍ර 1,864ක් හඳුනාගනී:
Local
10 June 2026
දකුණු අප්‍රිකාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට
Local
10 June 2026