General10 June 2026

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා 13ක් අත්අඩංගුවට

සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා, එහි කළමනාකරු සහ කාන්තාවන් 12 දෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙම වැටලීම් ද්විත්වය සිදුකර ඇත්තේ ඊයේ (09) රාත්‍රීයේදී අළුත්ගම පොලිස් වසමට අයත් අළුත්ගම නගරයේ බවයි පොලිසිය පවසන්නේ.

ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 57ක් වන අළුත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

එහි ගණිකා සේවය සැපයීම සඳහා රැඳී සිටියදී අත්අඩංගුවට පත් සැකකාරියන් 12 දෙනා වයස අවුරුදු 23 ත් 43 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසනවා.

ඔවුන් තල්ගස්වල, මත්තක, ඇල්පිටිය, කිරිඇල්ල, නවන්තුඩුව, උඩකරවිට, වාද්දූව, මොරටුව, බදුල්ල, මාස්පොත, නුවරඑළිය සහ බිබිල යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා අළුත්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, අළුත්ගම පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes