General10 June 2026

ඉන්දියාවේ දිගුම කාලයක් අගමැති වූ මෝදිට ජනපති අනුරගෙන් සුබපැතුම්

ඉන්දියාවේ වැඩිම කාලයක් සේවය කළ, ජනතාව විසින් තේරී පත් වූ අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමට ආසන්න වෙත්ම අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි වෙත ලෝක නායකයන්ගෙන් උණුසුම් සුබපැතුම් හිමිව තිබෙනවා.

ලොව පුරා සිටින රාජ්‍ය නායකයෝ අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම අගය කරමිනුයි උපහාර පුද කර ඇත්තේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 ජූනි 8 වැනි දිනැති ලිපියක් මගින් අග්‍රාමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.

ජනපතිවරයා සඳහන් කර ඇත්තේ, "මෙම සන්ධිස්ථානය ඔබ ධුරය හෙබවූ වසර ගණනාව පිළිබඳ සහතිකයක් පමණක් නොව, ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ ජනතාව ඔබේ නායකත්වය කෙරෙහි නැවත නැවතත් තැබූ විශ්වාසය පිළිබඳ සාක්ෂියකි." යනුවෙන්.

ඉන්දියාවේ කැපී පෙනෙන ආර්ථික හා සමාජීය පරිවර්තනය ද පෙන්වා දුන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මෝදිගේ දැක්ම ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය දේශසීමාවෙන් ඔබ්බට ගිය බොහෝ දෙනෙකුට ආදර්ශයක් වී ඇති බව ද සඳහන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා පසුගිය වසරේ අප්‍රේල් 4-6 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එය ඔහු මෙරටට පැමිණි සිව්වන අවස්ථාවයි.

එම සංචාරයේදී ඔහු වෙත විදේශීය සම්භාවනීය අමුත්තෙකු වෙනුවෙන් පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ගෞරව සම්මානය වන 'මිත්‍ර විභූෂණ' සම්මානය පිරිනැමුවා.
Related recommendation
Hiru TV News | Programmes