International10 June 2026

පාකිස්ථාන හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාකිස්ථාන හමුදාවට අයත් 'Mi-17' වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පාකිස්ථාන පාලනයේ පවතින කාශ්මීර කලාපයේ (Muzaffarabad) අගනුවර අසලදී කඩා වැටී ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

යානය ගුවන්ගත වීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදු වී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එහි ගමන් කළ සියලුම හමුදා නිලධාරීන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පාකිස්ථාන හමුදාවේ මාධ්‍ය අංශය තහවුරු කරන්නේ.

යානය කඩා වැටුණු වහාම එහි ගින්නක් හටගෙන ඇති අතර, සහන සේවා සහ ගලවා ගැනීමේ කණ්ඩායම් වහාම එම ස්ථානයට ළඟා වී තිබෙනවා.

අනතුරට හේතුව නිවැරදිව අනාවරණය කර ගැනීම සඳහා පාකිස්ථාන හමුදාව විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes