General10 June 2026

"රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලේ සැබෑ තත්ත්වය සභානායක හෙළි කරයි

"රීබිල්ඩින් ශ්‍රී ලංකා" (Rebuilding Sri Lanka Fund) නමින් නිල අරමුදලක් නොමැති බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ "රීබිල්ඩින් ශ්‍රී ලංකා" යනු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් (DST) ගිණුමට ලබා දී ඇති නමක් පමණක් බවයි.

එම ගිණුමට ලැබෙන සියලුම මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර වන බවද ඔහු සඳහන් කළා.

මෙම අරමුදල නිල වශයෙන් පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත මේ වන විට අනුමැතිය සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති අතර, එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

විපක්ෂයේ ඇතැම් පිරිස් මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ ජනතාව අරමුදලට ආධාර උපකාර කිරීම වැළැක්වීමේ සහ ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ චේතනාවෙන් බවයි ඔහු චෝදනා කළේ.

භාණ්ඩාගාරයේ DST ගිණුමට ලැබෙන මෙම මුදල් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව කිසිදු අයුරකින් පරිහරණය කළ නොහැකි බව අවධාරණය කළ අමාත්‍ය බිමල් රත්නායක දිට්වා සුළි කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් බිලියන 500ක මුදල පවා මෙතෙක් සම්පූර්ණයෙන් භාවිත කර නොමැති බවද ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes