General11 June 2026

අගමැති මෝදිගේ ඓතිහාසික වාර්තාවට සුබ පැතූ ජනපති අනුරට ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රතිචාරයක්!

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ වැඩිම කාලයක් අඛණ්ඩව සේවය කළ, ජනතාව විසින් තේරී පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර මෝදි ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව, දින 4,399ක් අඛණ්ඩව අගමැති ධුරය හෙබවීමත් සමඟ ඔහු විසින් මෙතෙක් ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහර්ලාල් නේරු (1952 මහ මැතිවරණයෙන් පසු දින 4,398ක් නිල වශයෙන් සේවය කරමින්) තබා තිබූ වාර්තාව ජූනි 10 වැනිදා වන විට බිඳ හෙළා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්න්නේ.

මෙම සුවිශේෂී දේශපාලන සන්ධිස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය X සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබුණා.

ජනාධිපතිවරයා සිය පණිවිඩය මඟින් පෙන්වා දුන්නේ මෙම වාර්තාව මඟින් ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ ජනතාව නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය කෙරෙහි නැවත නැවතත් තබා ඇති අසීමිත විශ්වාසය හා ගෞරවය මනාව පැහැදිලි වන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එම සුබපැතුම් පණිවිඩයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා පිරිනැමූ සුබපැතුම තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සඳහන් කර තිබෙනවා.

තවද ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය ඉතා ඉහළින් අගය කරන බවත්, දෙරට අතර පවතින සුවිශේෂී වූත්, බහුවිධ වූත් හවුල්කාරිත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඉන්දියාව සැමවිටම කැපවී සිටින බවත් ඔහු අවධාරණය කරනවා.

2014 වසරේ මැයි 26 වැනිදා ප්‍රථම වරට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි, ඉන් අනතුරුව 2019 සහ 2024 වසරවල පැවති මහ මැතිවරණවලින් ද අඛණ්ඩව ජයග්‍රහණය කරමින් සිය තෙවැනි ධුර කාලය මේ වන විට සපුරමින් සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes