අමෙරිකානු සරසවි ශූරතා මූලික වටයේ තරඟ අතරතුරදී ජැකෝබි තාර්ප් (Ja'Kobe Tharp) මීටර් 110 කඩුලු පැනීමේ ලෝක වාර්තාව බිඳ දැමීමට සමත් වුණා.
ඕබර්න්, ඇලබාමාහි පදිංචි මෙම 20 හැවිරිදි ක්‍රීඩකයා ඔරිගන්හි යුජින්හි පැවැති ජාතික විද්‍යාලයීය මලල ක්‍රීඩා සංගම් (NCAA) තරඟාවලියේදී තත්පර 12.75 ක කාලයක් වාර්තා කළා.
මීට පෙර පැවති තත්පර 12.80 ක ලෝක වාර්තාව 2012 සැප්තැම්බර් මාසයේදී බ්‍රසල්ස් හිදී ඔහුගේම රටේ ක්‍රීඩකයෙකු වන ඒරීස් මෙරිට් (Aries Merritt) විසින් තබා තිබුණා.
වත්මන් ඔලිම්පික් ශූර ග්‍රාන්ට් හොලෝවේ (Grant Holloway) විසින් 2019 වසරේදී තත්පර 12.98 කින් මීට පෙර පැවති විද්‍යාලයීය (collegiate) වාර්තාව පිහිටුවා තිබුණා.
වසර 50කට පසු NCAA ශූරතාවලියකදී ලෝක වාර්තාවක් පිහිටුවූ පළමු ක්‍රීඩකයා වන්නේ තාර්ප් ය.
ඔහුගේ මීට පෙර හොඳම කාලය තත්පර 13.01 ක් වූ අතර, ඔහු මෙම තරඟාවලියට පැමිණියේ එය බිඳ දැමීමේ බලාපොරොත්තුවෙන් වුවද, තත්පර හතරෙන් පංගුවකට වඩා වැඩි කාලයක් අඩු කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකිවනු ඇතැයි ඔහු අපේක්ෂා කළේ නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
"මම පුදුම හිතෙන දෙයක් කරන්න සූදානමින් සිටි බව මම දැන සිටියා," ඔහු මාධ්‍යවේදීන්ට පවසා සිටියා.
"මට කළ හැකි දේ ගැන මට වැටහීමක් තිබුණා, නමුත් මේ වගේ දෙයක් මම බලාපොරොත්තු වුණේ නැහැ. මේ තරගාවලිය සඳහා මගේ සැලසුම් ඇතුළේ (bingo chart) ඒ වගේ දෙයක් තිබුණේම නැහැ. ඇත්තටම මට කියන්න වචන නැහැ." යනුවෙන් ඔහු පවසා සිටියා.
තාර්ප් සිකුරාදා පැවැත්වෙන අවසන් මහා තරඟයට තරඟ වැදීමට නියමිත අතර, එහිදී ඔහුගේ අරමුණ වන්නේ 2019 වසරේ හොලෝවේගෙන් පසුව පිට පිටම දෙවන වරටත් NCAA ශූරතාව දිනාගත් පළමු කඩුලු පැනීමේ ක්‍රීඩකයා බවට පත්වීමයි.

Latest News
ව්‍යාජ බලපත්‍රයකින් වසර 17ක් පුරා මගී ගුවන් යානා 900කට අධික සංඛ්‍යාවක් පැදවූ 'එයාර් කැනඩා' ගුවන් නියමුවා අත්අඩංගුවට!
Local
11 June 2026
අමෙරිකානු සරසවි ශූරතා මූලික තරගයකදී ජාකෝබ් තාර්ප් 110m කඩුළු මතින් දිවීමේ ලෝක වාර්තාව බිඳ දමයි
Local
11 June 2026
ශ්‍රීලංකන් ගුවන් සේවය සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර මෙහෙයුම් පුළුල් කරයි
Local
11 June 2026
"ප්‍රදේශයේ මන්ත්රීලාට පාසල් උත්සව තහනම් නෑ" - අගමැති හරිනි
Local
11 June 2026
ජාතික රෝහල් තුනට නව පත්වීම් රැසක් - හෙට සිටම ක්‍රියාත්මකයි
Local
11 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ
Local
11 June 2026
අගමැති මෝදිගේ ඓතිහාසික වාර්තාවට සුබ පැතූ ජනපති අනුරට ඉන්දීය අගමැතිගෙන් විශේෂ ප්‍රතිචාරයක්!
Local
11 June 2026
උතුරු අමෙරිකාවේ දරුණු ගිම්හානය මෙවර පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට තර්ජනයක් වෙයිද?
Local
11 June 2026
බිලියන ගාණක අතිරික්තයක් නෑ - 2026 පළමු කාර්තුවේ අයවැය හිඟය රු. බිලියන 606ක්
Local
11 June 2026
තාවකාලිකව වසා දමා තිබූ සිය ගුවන් සීමාව කුවේටය යළි විවෘත කරයි - ප්‍රධාන ගුවන් තොටුපළේ මෙහෙයුම්ද යථා තත්ත්වයට
Local
11 June 2026