General11 June 2026

මාලිමා ආණ්ඩුව නොතිබුණා නම් මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ - ජගත් මනුවර්ණ

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයේ නොතිබුණේ නම් රටේ ජනතාවට බඩගින්නේ මියයන්නට සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසනවා.

ලෝකයේ බොහෝ රටවල මේවනවිට විවිධ අර්බුද හටගෙන ඇති බවත්, එම ලෝක අර්බුද ඇතිවන්නේ තම පාලනයෙන් තොර බාහිර හේතූන් මත බවත්, මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම ලෝකයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් රටවල් රැසක ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත්, ශ්‍රී ලංකාවට ද එම තත්ත්වයේ බලපෑමට හා පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි ජගත් මනුවර්ණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes