ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ඉන්ඩිපෙන්ඩන්ස් ප්‍රභේදයට අයත් ලිටෝරල් කොම්බැට් නෞකාවක් වන USS කැන්බරා (LCS 30) ජූනි 12 දින කොළඹ වරායට පැමිණෙන බව නිවේදනය කරයි.
මෙම නෞකාව, මීට පෙර කොළඹට පැමිණි USS ටල්සා, USS චාල්ස්ටන් සහ USS සැන්ටා බාර්බරා නෞකාවන්ට පසුව කොළඹට පැමිණෙන සිව්වන එක්සත් ජනපද නාවික හමුදා ලිටොරල් කොම්බැට් නෞකාව වේ. මෙම සංචාරය ඉන්දු-පැසිෆික් කලාපය පුරා ආරක්ෂාව, සහයෝගීතාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා කැප වී සිටින සමුද්‍රීය හවුල්කරුවන් අතර අඛණ්ඩ සම්බන්ධතා සහ සහයෝගීතාව පවත්වාගෙන යාමේ වැදගත්කම ඉස්මතු කරයි.
කමාන්ඩර් ජේම්ස් මික්ලොෆ්ලින්ගේ අණදීම යටතේ, USS කැන්බරා නෞකාව ඉන්ධන සහ සැපයුම් ලබා ගැනීම සඳහා කොළඹ කෙටි නැවතුමක් සිදු කරනු ඇත.
USS කැන්බරා (LCS 30) යනු වෙරළාසන්න පරිසරයන්හි ක්‍රියාත්මක වීම සඳහාත්, ඉදිරි පෙළ නාවික පැවැත්ම, සමුද්‍රීය ආරක්ෂාව, මුහුදු පාලනය සහ වැළැක්වීමේ මෙහෙයුම් සඳහා සහාය දැක්වීමටත් නිර්මාණය කර ඇති ඉන්ඩිපෙන්ඩන්ස් ප්‍රභේදයට අයත් ලිටොරල් කොම්බැට් නෞකාවකි. 2023 ජූලි මාසයේදී නිල වශයෙන් සේවයට එක් වූ මෙම නෞකාව, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ශක්තිමත්, කාර්යක්ෂම සහ නම්‍යශීලී නාවික පැවැත්මක් පවත්වාගෙන යාම සඳහා එක්සත් ජනපද නාවික හමුදාව දක්වන කැපවීම පිළිබිඹු කරයි.
මෙම වරාය සංචාරය, එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර පවතින දිගුකාලීන සබඳතා මෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ විශේෂ ලක්ෂණයක් වන සමීප සහයෝගීතාවයද පිළිබිඹු කරයි.
Latest News
සෞරව් ගංගුලි, කෙවින් පීටර්සන් සහ අංජුම් චොප්රා ICC 'Hall of Fame’ ලැයිස්තුවට
බ්‍රෙන්ඩන් මැකලම් එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධුරයෙන් ඉවතට
ලෝඩ්ස් පිටියේ ටෙස්ට් ශතකයක් රැස්කළ ලොව පළමු ක්‍රීඩිකාව බවට යස්තිකා භාතියා පත්වෙයි
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්