General12 June 2026

නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙකුට තුවාල

නාවලපිටිය ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් නාවලපිටිය ඉඹුල්පිටිය උඩ කොටසේ නිවසක් මතට අද (12) දින අලුයම 1:00ට පමණ මාර ගසක් වැටීමෙන් එම නිවසේ සිටි සිව් දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මාර ගස කඩා වැටිමෙන් පසු අසල්වාසීන් විසින් ගසක සිර වී සිටි තුවාලකරුවන් රැගෙන රෝහල් ගත කර ඇති බව සඳහන්.

අනතුරින් තුවාල ලබා ඇත්තේ එකම පවුලේ පිරිසක් බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

ගස කඩා වැටීමෙන් නවසටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes