General12 June 2026

"අපි සිල් ගත්ත නයි නෙවෙයි.. අනවසරයෙන් කඩා පැනලා හරි මේ ආණ්ඩුව රකිනවා": කඩුවෙල නගරාධිපති

අවශ්‍ය වෙලාවෙදී අනවසරයෙන් කඩා පැන හෝ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පවසනවා.

ලංකා විදුලි සේවක සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නගරාධිපතිවරයා,

"සටන ඉවර නෑ.. අපි ඉස්සරහා දැවැන්ත අභියෝගයක් දැන් තියෙනවා. විදුලිබල මණ්ඩලය විකුණනවාට අපි සටන් කළා... අපි අළු මතින් නැගිටපු මිනිස්සු.. අපි සිල් ගත්ත නයි නෙවෙයි.. ඕනෑම තැනක, මොහොතක පරිවර්ථනය වීමේ හැකියාව අප සතුයි.

මේ ආණ්ඩුව පෙරළන්න අපි ඉඩ දෙන්නේ නෑ.. අපි ගැන පොඩි බයක් තියෙනවා නම්. ඒ බය තියාගන්න. ඒක අපි අවධාරණය කරනවා.. අවශ්‍ය වෙලාවෙදි අනවසරයෙන් කඩාපැනලා අපි මේ ආණ්ඩුව රකිනවා.. ඒකට කාගෙන්වත් අවසර ඕනි නෑ"
Related recommendation
Hiru TV News | Programmes