හදිසි මිල දී ගැනීම්වලට අදාළ 05 වැනි නැවේ ගල්අඟුරුවල ගැටලුවක් පවතින බැවින් සැප්තැම්බර් 01 වැනිදාට පෙර අලුත් නැවක් නොගෙනෙන්නේ නම් ටෙන්ඩර් කොන්දේසි අනුව දඩ අය කරන බවට එම සමාගමට දැනුම්දී ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති සහ වැඩ බලන බලශක්ති ඇමැති අනුර කරුණාතිලක පවසනවා.
සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘‘ගල්අඟුරුවල ප්‍රමිතිය අඩුවීම නිසා ඇති වෙලා තියෙන බලපෑම මොකක්ද කියන දේ ජනතාවට වැදගත්. ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් දඩ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 29.87ක් රඳවාගෙන තිබෙනවා. රුපියල්වලින් නම් බිලියන 9.8ක්. බැඳුම්කරය ඩොලර් මිලියන 14.7ක්. රුපියල්වලින් නම් බිලියන 4.7ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 14.72ක් මේ වන විට රඳවාගෙන තිබෙනවා.
මේ කාලයෙදි ගල්අඟුරු නිසා කොපමණ මුදලක අලාභයක් ලබා තියෙනවා ද කියලත් ගණන් බලා තිබෙනවා. ඒ අනුව ජනවාරි සිට අප්‍රේල් දක්වා රජයට බිලියන 4.5ක අලාභයක් සිදුව තිබෙනවා. ජනන සමාගමට වෙලා තියන පාඩුව බිලියන 3.1ක්. ඒ කියන්නෙ ආසන්න වශයෙන් බිලියන 7ක පමණ අලාභයක් තමයි ප්‍රමිතිය නිසා ඇති වෙලා තියෙන්නෙ.
මේ ප්‍රමාණය තවත් යම් ප්‍රමාණයකින් වැඩි විය හැකියි. නිශ්චිතව කියන්න බැරි තවදුරටත් ඒ ක්‍රියාවලිය යමින් තියෙන නිසා. සම්පූර්ණ අලාභය ගණනය කරන්න වෙන්නේ ඉන් පසුවයි. දැනට තියෙන ගණන් බැලීම අනුව බිලියන 10ක්, 11ක් වෙයි කියා හිතන්න පුළුවන්. නමුත් බිලියන 14.7ක් රඳවාගෙන තියෙන නිසා ඒ බර ජනතාවට පැටවීමේ අවශ්‍යතාවක් මතු වෙන්නේ නැහැ.
හදිසි මිල දී ගැනීම්වලට අදාළ පස් වැනි නැවේ ගල්අඟුරුවල සහතිකය අනුව ගැටලුවක් තියනවා. ඒ නිසා එම තොගය භාර ගැනීමේ හැකියාවක් නොමැති බව පසුගිය ජුනි 9 වැනිදා ඒ සමාගමට දැනුම් දුන්නා. සැප්තැම්බර් 1 වැනිදාට පෙර අලුත් නැවක් නොගෙනෙන්නෙ නම් ටෙන්ඩර් කොන්දේසි අනුව දඩ අය කරන බවත් දැනුම් දුන්නා.’’

Latest News
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
Local
12 June 2026
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
Local
12 June 2026
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026
2026 පාසල් රග්බි ලීග් - සාන්ත ජෝසප් විද්‍යාලය 23 - 20 ක් ලෙස, සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරයි
Local
12 June 2026
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026
පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Local
12 June 2026
අමෙරිකන් - ඉරාන යුද ගැටුම් නිමා කිරීමේ සූදානමක් - ජිනීවා නුවරදී ගිවිසුම අත්සන් තැබෙන ලකුණු
Local
12 June 2026
සෙව්වන්දිට තවත් දින 30 ක රැඳවුම් නියෝග
Local
12 June 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
12 June 2026
හදිසියේ මිලදී ගත්ත 05 වැනි ගල් අඟුරු නැවත් බාලයි - බලශක්ති ඇමති
Local
12 June 2026