General12 June 2026

පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

පොසොන් උත්සව සමය තුළ අධික ශබ්ද පිටකරමින් මහජනතාවට පීඩාවක් වන අයුරින් ධාවනය කරනු ලබන යතුරුපැදි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සහ­කාර පොලිස් අධි­කාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, පසුගිය වෙසක් සමයේදී අධික ශබ්ද නගන යතුරුපැදිවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ ආකාරයටම මෙම පොසොන් පොහොය සමයේදී ද එම නීති රීති ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව, වෙනස් කරන ලද සයිලන්සර් (Silencers) සහිත සහ නියමිත ධ්වනි සීමාවන් ඉක්මවා ශබ්දය පිටකරන යතුරුපැදි සම්බන්ධයෙන් පොලිස් මාර්ග බාධක සහ ජංගම මුරසංචාර මගින් දැඩි සෝදිසි කිරීම් සිදුකිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes