මෙටා (Meta) සමාගමට අයත් ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලයන් වන Facebook, Messenger, Instagram, Threads අද (12) දිනයේදී වරින් වර ඇතිවන තාක්ෂණික දෝෂ කිහිපයක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
මෙම හදිසි තත්ත්වය හේතුවෙන් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට ඇතුළු වීමට සහ පණිවිඩ හුවමාරු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
විවිධ අන්තර්ජාල සේවාවන්හි බිඳවැටීම් නිරීක්ෂණය කරන ජාත්‍යන්තර වෙබ් අඩවි සහ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් ඉදිරිපත් කර ඇති පැමිණිලිවලට අනුව, ෆේස්බුක් ගිණුම්වලට ඇතුළු වීමේදී දෝෂ ඇතිවීම (Login failures), ගිණුම්වල අලුත් තොරතුරු දර්ශනය වීමේ ප්‍රමාදයන් (Slow loading) සහ මෙසෙන්ජර් හරහා පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි වීම වැනි ප්‍රධාන ගැටලු රැසක් මෙහිදී මතු වී තිබෙනවා.
මෙම තාක්ෂණික ගැටලුව ලොව පුරා සියලුම දෙනාට එකලෙස බලපා නොමැති අතර, ඇතැම් කලාපවලට මෙහි බලපෑම දැඩිව එල්ල වී ඇති පසුබිමක තවත් සමහර පරිශීලකයින්ට සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සඳහන්.
මෙම හදිසි සේවා බිඳවැටීමට නිශ්චිත හේතුවක් මෙටා සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවද, සමාගම විසින් මෑතකදී සිදුකරන ලද පද්ධති යාවත්කාලීන කිරීම් (Server Updates) හෝ සේවාදායකයන්හි (Servers) ඇති වූ යම් තාක්ෂණික දෝෂයක් මීට බලපාන්නට ඇති බව තාක්ෂණික අංශ උපකල්පනය කරනවා.
කෙසේ වුවද, මෙවැනි ගැටලු සාමාන්‍යයෙන් කෙටි කාලීන වන බැවින්, පවතින තාක්ෂණික දෝෂයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙටා සමාගමේ ඉංජිනේරු කණ්ඩායම් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා.

Latest News
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026
'සර්' එපා කී විසිවන සියවස උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඩේවිඩ් හොක්නි අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
Local
12 June 2026
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
Local
12 June 2026
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026
2026 පාසල් රග්බි ලීග් - සාන්ත ජෝසප් විද්‍යාලය 23 - 20 ක් ලෙස, සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරයි
Local
12 June 2026
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026
පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Local
12 June 2026
අමෙරිකන් - ඉරාන යුද ගැටුම් නිමා කිරීමේ සූදානමක් - ජිනීවා නුවරදී ගිවිසුම අත්සන් තැබෙන ලකුණු
Local
12 June 2026
සෙව්වන්දිට තවත් දින 30 ක රැඳවුම් නියෝග
Local
12 June 2026