General13 June 2026

ප්‍රදේශ රැසකට අදත් වැසි: කැළණි, කළු සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඉහළට

අද දිනයේත් ප්රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

මේ අතර, මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුර සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ ත්රිකුණාමලය දිස්ත්රික්කවලත් පැයට කිලෝමීටර 40ත් 50ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා මන්නාරම හරහා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල තවදුරටත් යාත්රා නොකරන ලෙස නාවික හා ධීවර ප්රජාවට දැනුම් දෙනවා.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණයත් සමග කැළණි, කළු සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඇතැම් ස්ථානවලින් ඉහළ ගොස් ඇති බවයි ජල විද්යා හා ආපදා කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes