General13 June 2026

සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හයවන දිනටත් ආහාර වර්ජනයේ නිරතවන බව වාර්තා වනවා.

එමෙන්ම අදත් සුරේෂ් සලේ බැලීම සඳහා ඔහුගේ බිරිඳ රෝහල වෙත පැමිණ තිබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේ දින හයක සිට දැඩි ආරක්ෂාවක් යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එවන් පසුබිමක සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත අවස්ථා කිහිපයකදීම ලිපි යොමු කරමින් පෙන්වා දුන්නේ රැඳවුම් භාරයේ සිටින සිය ස්වාමි පුරුෂයා හමුවීමට නීතිඥයින්ට අවස්ථාව ලබාදෙන ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes