General13 June 2026

බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්

කළු ගඟ ද්‍රෝණියේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන්, එම උප ද්‍රෝණිය ආශ්‍රිතව මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනය කරනවා.

ඒ අනුව, අද (13) පස්වරු 7.30 ට නිකුත් කරන ලද මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (14) පස්වරු 7.30 දක්වා වලංගු වනු ඇති.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කළු ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් සහ පවතින වර්ෂා රටාවන් විශ්ලේෂණය කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, ඉදිරි පැය කිහිපය තුළ ගංගා ජල මට්ටම්වල සැලකිය යුතු හෝ සීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා නොකරන බවයි.

මේ හේතුවෙන්, බුලත්සිංහල, මදුරාව, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාව දැඩි සැලකිල්ලකින් පසුවිය යුතු බවයි එම නිවේදනයේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes