General14 June 2026

අබුඩාබි හිදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු බව කියන මෝදර නිපුන නමැත්තාගේ සහෝදරයෙක් හා බ්ලූමැන්ඩල් සංඛ නමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට රැගෙන විත් තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේදී මෙරටට රැගෙන ආ බවයි වාර්තා වුණේ.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර තිබෙනවා.

මොවුන් අබුඩාබි නුවර සැඟවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡයාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකතනවල රඳවා තබාගෙන සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගත කර සිට පසුව මෙරටට පිටුවහල් කළ බවයි සඳහන්.

මොවුන් දෙදෙනා ගුවන්තොටුපොළ වෙත පැමිණි පසු ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

අනතුරුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෝදර චතුර කොළඹ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගිය අතර

බ්ලූමැන්ඩල් සංඛ තවදුරටත් ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ රඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes