General14 June 2026

ගතවූ මාස 4 තුළ අල්ලස් නඩු 13කින් පුද්ගලයින් 14ක් වැරදිකරුවන් කෙරේ: 10ක්ම රාජ්‍ය නිලධාරීන්

ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ හමුවේ විභාග වූ අල්ලස් හෝ දූෂණ නඩුවලට අදාලව පුද්ගලයින් 14 දෙනෙකු වැරදිකරුවන් වී ඇති බව අල්ලස් කොමිසම පවසනවා.

ඒ අනුව නඩු 13කට අදාළව මෙම පිරිස වැරදිකරුවන් බවට පත්ව ඇතැයි එම කොමිසම සඳහන් කරනවා.

මෙම කරුණු ඇතුළත්ව තිබුණේ අල්ලස් කොමිසම ඉදිරිපත් කරන මාසික ප්‍රගති වාර්තාවෙන් වන අතර, එලෙස වැරදිකරුවන් වූ පිරිස අතර සිවිල් පුද්ගලයින් මෙන්ම විවිධ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් රැසක් ද සිටින බවයි එම වාර්තාවේ දැක්වුණේ.

සිවිල් පුද්ගලයින් 04 දෙනෙක්, පොලිස් කොස්තාපල්වරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක්, ක්වාසි විනිසුරුවරුන් 02 දෙනෙකු, ග්‍රාම නිලධාරීවරයෙකු, සංවර්ධන සම්බන්ධීකරණ නිලධාරීවරයෙකු, බීට්ටු නිලධාරියෙකු, සෞඛ්‍ය පරිපාලකවරයෙකු, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හිටපු මානව සම්පත් අධ්‍යක්ෂවරයෙකු සහ කම්කරු නිලධාරියෙකු ද අධිකරණය මගින් එලෙස වැරදිකරුවන් කර තිබෙනවා.

ඒ අනුව ගතවූ මාස හතර තුළ සමස්තයක් ලෙස නඩු 13කට අදාළව පුද්ගලයින් 14 දෙනෙකු අධිකරණය මඟින් මෙලෙස වැරදිකරුවන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes