රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් මේවන තෙක් රජය පාර්ශ්වයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව මිහින්තලා රාජමහා විහාරාධිපති, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ, අද (14) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය පොසොන් උත්සවය සම්බන්ධයෙන් රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු ලබා දෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, "ජනාධිපති කාර්යාලයෙන්, බුද්ධශාසන අමාත්‍යාංශයෙන් හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. ජනාධිපතිතුමා මේ පිළිබඳව දන්නවා දැයි මම දන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිතුමාගේ දැනුවත් වීම පිණිස මම මෙලෙස කියනවා. ජනාධිපති කාර්යාලයෙන් හෝ වෙනත් කිසිදු ආයතනයකින් කිසිදු නිලධාරියෙකු පැමිණියේ නෑ. දිස්ත්‍රික් ලේකම්වරයා තමාට ඇති බලතන අනුව මේ පිළිබඳව ලිඛිතව දැනුම් දී දෙනවා, අද වනතුරුත් මට එවැනි කිසිදු දැනුම්දීමක් ලැබී නැත. කිසිවෙකු පැමිණ උත්සව සංවිධානයක් පිළිබඳව සාකච්ඡා කරලා නෑ.
ශ්‍රී ලංකාවේ පවත්වන ප්‍රධාන රාජ්‍ය උත්සව තියෙන්නේ 3යි. ඉන් එකක් නිදහස් උත්සවය, අනෙක් උත්සව දෙක වෙසක් සහ පොසොන් උත්සවය. ඉතිං අනෙක් උත්සව දෙක සංවිධානය කරන ආකාරය සහ මේ උත්සවය පවත්වන ආකාරය පිළිබඳව ජනතාව හොඳින් තේරුම් ගනී. අපට කිසිවෙකුට දෝෂාරෝපණය කිරීමට අවශ්‍යතාවක් නෑ. ඔවුන් මෙය කළත් නොකළත් අප මේ කටයුත්ත සිදුකරනවා. එබැවින් මෙවර පැවැත්වෙන රාජ්‍ය උත්සවයක් පිළිබඳව මම කිසිවක් දන්නේ නෑ.
රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබා දෙන බව කියයි. නමුත් මෙය අනාදිමත් කාලයක සිට ඕනෑම රජයකින් සිදුකරන සාමාන්‍ය ක්‍රියාවලියක්. එම මුදල ස්වයංක්‍රීයවම (Automatically) ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලැබෙනවා. ඒ ලක්ෂ 50න් විතරක් මිහිඳු පෙරහැර කරන්න බෑ. එබැවින් කුමන හෝ ක්‍රමයකින් මුදල් සොයාගෙන මම මිහිඳු පෙරහැර කරනවා. මෙම පූජෝත්සවය කිසිදු අඩුවක් නොමැතිව ඉටු කිරීමට මම පියවර ගන්නවා, ඒ සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස මම රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන්.

Latest News
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026