අලුත්ගම පොලිස් වසමේ සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයේ මුහුදේ නෑමට ගොස් සිටියදී දිය රළකට හසුවී ගසාගෙන යාමෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු අද (14) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.
මෙසේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහදෙනිය, නාපාවල, ගැටහැත්ත ලිපිනයේ පදිංචිව සිටි මොහොට්ටි ආරච්චිලාගේ සුගත් ජයසිංහ (45) නමැති පුද්ගලයා බවයි පොපලිසිය සඳහන් කරන්නේ. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ අර්ධ පුහුණු කාර්මිකයෙකු ලෙස රාජකාරි කරනු ලැබූ අයෙක් බවද වාර්තා වෙනවා.
මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දිය රළකට හසුවී ගසාගෙන ගොස් ඇති බවත්, පසුව ඔහු සමඟ පැමිණි අනෙක් පිරිස මේ පිළිබඳව සොයා බැලීමේදී, මෙම පුද්ගලයාගේ සිරුර වෙරළ තීරය ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන වෙරළට රැගෙන විත් ඇතැයි පොලිිසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිස් ස්ථානය මගින් ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.
Latest News
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026