රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට දෛනිකව නීතිඥ සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර සහ සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ අතර ලිපි හුවමාරුවක් සිදුවී තිබෙනවා.
ඒ අනුව, සුරේෂ් සලේට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන හමුවීමට අවසර දෙන ලෙස ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබූ අතර, ඊට පිළිතුරු දෙමින් CID අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඊයේ (13) ලිපියක් මඟින් දන්වා ඇත්තේ සලේ මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින්, මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින බවයි.
නිරන්තරයෙන් නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමි වී සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවත්, අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබා දී ඇති බවත් CID අධ්යක්ෂවරයා නිකුත් කළ ලිපියෙහි සඳහන්.
එමෙන්ම, පවුලේ අයට (බිරිඳ, දියණිය සහ පුතාට) දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති බැවින්, දෛනිකව නීතිඥවරයාට හමුවීමට අවකාශ දිය නොහැකි බව CID අධ්යක්ෂවරයා අවධාරණය කරනවා.
CID අධ්යක්ෂවරයාගේ ලිපියට අද (14) ප්‍රතිචාර දක්වමින් මනෝරි සලේ පවසා ඇත්තේ, රෝහල්ගත වීම නිසා නීතිඥ සහාය අවශ්‍ය නොවන බවට CIDය කරන ප්‍රකාශය නීති විරෝධී මෙන්ම දැඩි කනස්සල්ලට කරුණක් බවයි.
නීතිඥ සහාය යනු රඳවාගෙන සිටින අයෙකුගේ මූලික අයිතිවාසිකමක් මිස CIDයේ අභිමතය පරිදි දෙන හෝ නොදෙන වරප්‍රසාදයක් නොවන බව ඇය එම ලිපිය මගින් පෙන්වා දෙනවා.
තම ස්වාමිපුරුෂයා උපවාසයක් ආරම්භ කළේ නිකම්ම නොවන බවත්, CID නිලධාරීන් භාරයේ සිටියදී ඔහුට විඳීමට සිදු වූ ශාරීරික, මානසික සහ ආවේගාත්මක පීඩාවන් හේතුවෙන් එය සිදු වූවක් බවත් ඇය එහිදී සඳහන් කරනවා.
එබැවින් ඔහුගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම CID අධ්යක්ෂවරයා සතු බවයි ඇය එම ලිපියෙන් සඳහන් කරන්නේ.
මාස දෙකකට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටියද, රෝහල්ගත වීමට පෙර තම ස්වාමිපුරුෂයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ ඉතා සීමිත අවස්ථා කිහිපයකදී පමණක් බවත්, මේ හේතුවෙන් මෙම දීර්ඝකාලීන රැඳවුම් භාරය විමර්ශන අවශ්‍යතාවක් සඳහා නොව, ඔහුට දැඩි පීඩනයක් එල්ල කිරීම සඳහා කරන ලද්දක් බව පෙනී යන බව ඇය සඳහන් කරනවා.
තම ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍ය සහ මානසික නිදහස ගැන සිතා නීතිඥ සහාය අවහිර කරන බවට CIDය පවසන කතාව පිළිගත නොහැකි බවත්, නීති නියෝජනය පිළිබඳ තීරණ ගත යුත්තේ පවුලේ අය සහ නීතිඥවරුන් මිස චෝදනා එල්ල වී ඇති ආයතනය විසින් නොවන බවත් පවසන ඇය, තම ස්වාමිපුරුෂයාට නීතිඥ සහාය ලබා දෙන ලෙස CID අධ්යක්ෂවරයාගෙන් ඉල්ලා සිටිනවා.

Latest News
සලේට දිනපතා නීතිඥ සහාය බෑ, පුළුවන් සතියකට වතාවයි : ශානිගේ තීරණයට සලේගේ බිරිඳගෙන් දැඩි විරෝධය
Local
14 June 2026
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026