International15 June 2026

අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි : සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමකට එළඹ ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, මෙම සාම එකඟතාවයත් සමග ලෙබනනය ඇතුළු සියලුම සටන් පෙරමුණුවල ක්‍රියාත්මක වන හමුදාමය මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි සහ ස්ථිර වශයෙන්ම අවසන් කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ.

තම නිල 'X' ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ඓතිහාසික සාම ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමේ උත්සවය ඉදිරි සිකුරාදා (19) ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes