ඉරාන-අමෙරිකානු ගැටුම් පවැති සමයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) සමාජ මාධ්‍ය නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පකිස්ථාන ජාතිකයන් 3,500කට ආසන්න පිරිසක් එරටින් පිටුවහල් කර ඇති බව පකිස්ථාන ජාතික මන්ත්‍රී මණ්ඩලය වෙත පසුගියදා දැනුම් දී තිබෙනවා.
ප්‍රශ්න විචාරක වාරයේදී මේ පිළිබඳව අදහස් දැක්වූ පකිස්ථාන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය තාරික් ෆසාල් චෞද්‍රි කියා සිටියේ, මෙලෙස පීඩාවට පත් වූ පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් රජය හැකි උපරිම සහයෝගය ලබා දෙමින් සිටින බවයි.
මන්ත්‍රීවරියක වන සමීනා කාලිඩ් ගුර්කි මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ස්පාඤ්ඤය, පෘතුගාලය සහ එක්සත් රාජධානිය යන රටවල මරණ දඬුවම අහෝසි කර ඇති බැවින්, එම රටවල කිසිදු පකිස්ථාන සිරකරුවෙකුට මරණ දඬුවම නියම වී නොමැති බවයි.
එමෙන්ම එම රටවල පිහිටි පකිස්ථාන තානාපති කාර්යාල හරහා එහි සිරගත කර සිටින තම ජාතිකයන් වෙනුවෙන් විශේෂ සහන සේවා ක්‍රියාත්මක වන බවත්, නිලධාරීන් බන්ධනාගාර වෙත ගොස් සිරකරුවන්ගේ ගැටලු සොයා බලන බවත් ඔහු පැවසුවා.
නීතිඥ සහය ලබා ගැනීමට වත්කමක් නොමැති සිරකරුවන් වෙනුවෙන් නොමිලේ නීතිමය ආධාර සැපයීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එක්සත් රාජධානිය සමග ඇති කරගෙන තිබෙන සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම යටතේ, 2024 සහ 2025 වසරවලදී බ්‍රිතාන්‍ය බන්ධනාගාරවල සිටි පකිස්ථාන සිරකරුවන් නව දෙනෙකු නැවත සිය රට වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා එහිදී සභාවට දැනුම් දුන්නා.

Latest News
උස්වැටකෙයියාව වෙරළෙන් සහ මාවතගම ළිඳකින් මෘත ශරීර දෙකක් හමුවේ
Local
14 June 2026
යුද හමුදා බුද්ධි තොරතුරකින් මහා පරිමාණ කංසා හේන් 2ක් වටලයි
Local
14 June 2026
සමාජ මාධ්‍ය නීති උල්ලංඝනය කළ පකිස්ථානුවන් 3,500ක් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරයි
Local
14 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය මර්දනයට ගන්න එපා - විජයදාස රාජපක්ෂ
Local
14 June 2026
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
Local
14 June 2026
යතුරුපැදි අනතුරු දෙකකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
14 June 2026
වත්මන් පාලනය රාජ්‍ය සේවකයා, දේශපාලඥයා මෙන්ම සමස්ත ජනතාවම මර්දනය කරමින් සිටිනවා: නාමල් රාජපක්ෂ
Local
14 June 2026
කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාවට ලකුණු 37ක ජයක්
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කඩිනම් කෙරේ
Local
14 June 2026
රුසියානු රහස් තෙල් නැවක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ භාරයට
Local
14 June 2026