General15 June 2026

ඩෙංගුවලින් රෝහල් පිරෙයි -අද සිට මදුරු මර්දන සතියක්

අද සිට දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක වෙනවා.

එය මේ මස 20 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක්.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ රෝගීන් ගණන 41,144 ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශකර සිටියේ.

මෙම තත්ත්වය තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇති බවට රෝහල් රැසකින් රතු එළි නිකුත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර මේ වනවිට රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඩෙංගු වෛරසයේ නව ප්‍රභේදයක් බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඊයේ (14) පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සඳහන් කළා.

මේ අතර ඩෙංගු රෝගය වැළඳුණු ළමයින් අතර රෝග ලක්ෂණ වෙනස් වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

එමෙන්ම පවතින තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සියලු‍ ජනතාව අවධානය යොමු කරන ලෙසත් එසේ නොමැති නම් නීතිය ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes