පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින මොහොමඩ් ඊබ්‍රහිම්ට එරෙහි නඩුවේ ප්‍රධානතම සාක්ෂිකාරිය මෙරටින් පිටව ගොස් ඇති බවත්, ඒ හරහා ඔහුට නඩුවෙන් නිදහස් වීමේ අවස්ථාවක් උදාවී ඇති බවත් හිටපු ඇමති උදය ගම්මන්පිල පවසනවා.
නීතිපතිවරයා ඊබ්‍රහිම්ට එරෙහිව නඩු පවරා තිබුණේ තොරතුරු දැනගෙන වසන් කිරීම සහ ත්රස්තවාදයට අනුබල දීම යන චෝදනා යටතේයි.
මෙම නඩුවේ ප්‍රධානම සාක්ෂිකාරිය වුණේ ඔහුගේ නිවසේ මෙහෙකාරිය ලෙස සේවය කළ කාන්තාව බවද ගම්මන්පිල සඳහන් කළා.
කෙසේ නමුත්, මෙම නඩුව කැඳවූ අවස්ථාවේ, අදාළ සාක්ෂිකාරිය විදේශ රැකියාවකට ගොස් ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ප්‍රධාන සාක්ෂිකාරිය අතුරුදන් වීම හෝ විදේශගත වීම හරහා ඊබ්‍රහිම්ට චෝදනාවලින් නිදහස් වී සුද්ධ වී එළියට ඒමට මග පෑදී ඇති බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ඊබ්‍රහිම්ගේ පුතුන් දෙදෙනා, ලේලිය සහ මුණුබුරන් දෙදෙනා බිලි දුන් බවත්, පසුගිය රජය ඔහුට සැලකීමක් නොකළත් වත්මන් මාලිමා රජය ඔහුට කළගුණ සලකමින් සිටින බවත් උදය ගම්මන්පිල සඳහන් කළා.
එමෙන්ම, ඉතිහාසයේ ප්‍රථම වතාවට රහස් පොලිස් විමර්ශනයක ප්‍රධාන සැකකරුවෙකු එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයට සහ තවත් සැකකරුවෙකු පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම් ධුරයටත් පත් කර ඇති බවද ගම්මන්පිල පවසනවා.
ස්වාධීන විමර්ශනයක් වෙනුවට සැකකරුවන් ලවාම විමර්ශන සිදු කිරීමට කාදිනල්තුමාට අවශ්‍ය වූයේ ඇයි දැයි ජනතාවට පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

Latest News
පාස්කු නඩුවේ ඊබ්‍රාහීම්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරිය රටින් පිටවෙලා - ගම්මන්පිල
Local
15 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
Local
15 June 2026
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
Local
15 June 2026
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026