නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාලව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (15) නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධියේ තෙවැනි සැකකරු ලෙස නම් කර සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' යන අය මේ වන විට රක්ෂිත භාරයේ පසුවෙයි.
අධිකරණ නියෝග ප්‍රකාරව බන්ධනාගාරය අද (15) මෙම සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් වුණා.
මෙම සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත ව සිටින්නේ, මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධවයි.
මෙම ඝාතන සිද්ධියට අදාල පළමු සැකකරු මේ වන විට මෙරටින් පලා ගොස් ඇති බවත් දෙවැනි සැකකරු රැඳවුම් නියෝග මත තම දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර අද (15) දින අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
පොලිස් තොරතුරුවලට අනුව, පළමු සිදුවීම වාර්තා වන්නේ ඉකුත් 2008 ජනවාරි 09 වැනිදායි. ඒ, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩාංගණයේදී ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමයි.
මෙම සැකකරුවන් විසින් ඉකුත් 2008 මැයි 22 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, ඉකුත් 2008 අගෝස්තු 20 වැනිදා රාත්‍රී කාලයේදී වව්නතිවු පොලිස් වසමට අයත් කොන්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම අපරාධයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර ඉන් පළමු සැකකරු මේ වන විට විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින පුද්ගලයා ඉකුත් 2025 අගෝස්තු 13 වැනිදා සහ 2025 නොවැම්බර් 13 වනදා සිට පිළිවෙළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙම පස්පුද්ගල ඝාතන සිද්ධීන්වල තුන්වන සැකකරු ලෙස නම් කර සිටින්නේ ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' නැමැත්තායි.
මෙම නඩුව නැවත කැඳවන දිනකදී ඔහුව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණය විසින් නියෝග කර තිබුණා.
Latest News
රටේ ආහාර සුරක්ෂිතතාව බරපතලයි; මිලියන 06කට පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ - මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
15 June 2026
පංච පුද්ගල ඝාතනයකට පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ්
Local
15 June 2026
පාස්කු නඩුවේ ඊබ්‍රාහීම්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරිය රටින් පිටවෙලා - ගම්මන්පිල
Local
15 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
Local
15 June 2026
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
Local
15 June 2026
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026