General16 June 2026

මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සුරේෂ් සලේ රඳවා සිටි මැදිරිය නිරීක්ෂණය කරයි: සිරමැදිරියේ අඩුපාඩු රැසක්

රැඳවුම් භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් අදත් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

එහි කොමසාරිස් නිමල් පුංචිහේවා සඳහන් කළේ, සුරේෂ් සලේ රඳවා සිටි සිරමැදිරිය ඇතුළු අනෙකුත් සිරමැදිරි පිළිබඳව ද විශේෂ පරීක්ෂාවක් සිදුකළ බවයි.

එම නිරීක්ෂණවලදී අදාළ සිරමැදිරිය තුළට නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම ඇතුළු අඩුපාඩු රැසක් දක්නට ලැබුණු බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes