හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත වනු ඇතැයි යන බලාපොරොත්තු මධ්‍යයේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගෙන ගිය යුද්ධය අවසන් කිරීම සඳහා ඇති කරගත් මූලික එකඟතාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස තුනක කාලය තුළ වාර්තා වූ අවම මට්ටම දක්වා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, අමෙරිකානු පාරිභෝගිකයින්ට මෙහි සැබෑ සහනයක් පෙට්‍රල් පිරවුම්හල්වලින් ලබා ගැනීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් පුරා ගෝලීය බලශක්ති වෙළෙඳපොළ දැඩි අර්බුදයකට ලක්වුණා.
පසුගිය ඉරිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මෙම සමුද්‍ර සන්ධිය නැවත විවෘත වූ වහාම ඉන්ධන මිල ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවයි.
ඔහු පසුගිය සති කිහිපය පුරාම මෙම ප්‍රකාශය කිහිප වරක්ම සිදු කළා.
නමුත් ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ඔහු පවසන තරම් ඉක්මනින් මිල විශාල ලෙස පහත වැටීමේ හැකියාවක් නොමැති බවයි.
උතුරු අමෙරිකානු වෙළෙඳපොළට වඩා ආසියානු වෙළෙඳපොළ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන තෙල් මත බෙහෙවින් යැපෙන නමුත්, සැපයුම සීමාවීම සහ ඉල්ලුම ස්ථාවරව පැවතීම හේතුවෙන් ලොව පුරාම මිල ගණන් ඉහළ ගියා.
අමෙරිකානු මෝටර් රථ සංගමයේ දත්තවලට අනුව, පසුගිය සඳුදා වන විටත් අමෙරිකාවේ පෙට්‍රල් මිල ගැලුමක් (ලීටර 3.78) ඩොලර් 4 සීමාවෙන් ඉහළ මට්ටමක පැවති අතර, එහි සාමාන්‍ය අගය ඩොලර් 4.06ක් වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙය මැයි මස මුලදී වාර්තා වූ උපරිම මිල වන ඩොලර් 4.48ට වඩා සුළු පහත වැටීමක්.
සංසන්දනාත්මකව බැලීමේදී, පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට මුලින්ම ප්‍රහාර එල්ල කරමින් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ කැළඹීමට ලක් කිරීමට පෙර, එහි මිල පැවතියේ ගැලුමකට ඩොලර් 2.98ක් වැනි මට්ටමකයි.
Labor Department’s Bureau of Labor Statistics පසුගිය සතියේ උද්ධමන වාර්තාවට අනුව, අමෙරිකාවේ බලශක්ති මිල ගණන් මෑත මාසවලදී සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
එය පසුගිය මාස දෙක තුළ පමණක් සියයට 7.7කින් ඉහළ ගොස් ඇති අතර, වසරකට පෙර පැවති මිලට වඩා සියයට 40කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, වොෂින්ටනය සහ ඉරානය අතර සාකච්ඡා ආරම්භ වීමත් සමග මිල ගණන් මඳක් පහත වැටීමට පටන් ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඉන්ධන මිල ගණන් නිරීක්ෂණය කරන 'GasBuddy' ආයතනයේ තෙල් විශ්ලේෂණ ප්‍රධානී පැට්රික් ඩි හාන් (Patrick De Haan) අල් ජසීරා වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, "සති අන්තයේ අමෙරිකාව සහ ඉරානය ඇති කරගත් මූලික එකඟතාවය ඉදිරි දින දෙක තුන තුළ මිල තවත් පහත වැටීමට අනිවාර්යයෙන්ම මග පාදනු ඇති" බවයි.
නමුත් ඩි හාන් අපේක්ෂා කරන්නේ මිල යම් මට්ටමක නතර වනු ඇති බවයි.
සටන් විරාමය පැවතුණද, පාරිභෝගිකයින්ට යුද්ධයට පෙර පැවති ගෑස් සහ ඉන්ධන මිල ගණන් නැවත දැක ගැනීමට 2027 වසර දක්වා බලා සිටීමට සිදුවනු ඇතැයි ද ඔහු පවසා තිබෙනවා.
"ගෝලීය තෙල් තොග නැවත යුද්ධයට පෙර පැවති මට්ටමට පත්වීමට මාස ගණනාවක්, සමහර විට වසරකට වඩා වැඩි කාලයක් ගතවිය හැකියි," යනුවෙනුයි ඔහු පවසා ඇත්තේ.
මූලාශ්‍රය | අල් ජසීරා

Latest News
රන් මිල සතියක් තුළ රුපියල් 16,000කින් ඉහළට
Local
16 June 2026
ඉන්දුනීසියාවේ සුලවේසි දූපත්වල භූ කම්පනයක්
Local
16 June 2026
යෝෂිත රාජපක්ෂ අභියාචනාධිකරණයට පැමිණෙයි
Local
16 June 2026
රුමේෂ් තරංග තවත් බලාපොරොත්තුවක් සමග අදත් හෙල්ල අතට ගනී
Local
16 June 2026
නිෂ්පාදන හා සේවා අංශ වර්ධනය වෙද්දී සේවා නියුක්තිය පහළට
Local
16 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වීමේ බලාපොරොත්තුව මැද ලෝක තෙල් මිල පහළට: අමෙරිකානුවන්ට සහන ලැබීමට තවත් මාස කිහිපයක්!
Local
16 June 2026
මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සුරේෂ් සලේ රඳවා සිටි මැදිරිය නිරීක්ෂණය කරයි: සිරමැදිරියේ අඩුපාඩු රැසක්
Local
16 June 2026
ඉරානය - නවසීලන්ත තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
16 June 2026
"බාහිර දේවල් අමතක කර ක්‍රීඩාවට විතරක් අවධානය දෙන්න" - ශ්‍රී ලංකා හිටපු නායක අනුර තෙන්නකෝන්ගෙන් සූර්යවංශීට උපදෙසක්
Local
16 June 2026
ඩෙංගු අධි වසංගත තත්ත්වයක්: අධි අවදානම් කලාප 84ක්
Local
16 June 2026