General16 June 2026

වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති තවත් නඩුවක සැකකරුවෙක් කරයි

දූෂණ චෝදනාවත් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ යන අය රුපියල් මිලියන 2.9ක වියදමින් ප්‍රාදේශීය සභාව මඟින් තම අයිතිය තහවුරු කරගෙන නොමැති ඉඩමක වොලිබෝල් ක්‍රීඩා පිට්ටනියක් ඉදි කිරීම මඟින් ප්‍රාදේශීය සභාව වෙත පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියේ ද සැකකරුවෙක් ලෙස නම් කරන බව අල්ලස් කොමිසම අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා සිටියා.

එහිදී මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාලවද සැකකරු ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ යන අයවේ.

වෙනත් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(16) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes