General16 June 2026

ලක්ෂ 161 ක් වටිනා රන් භාණ්ඩ මැන අවසන්: CIDය අධිකරණයට කියයි

උතුරු නැගෙනහිර මානූෂිය මෙහෙයුම අතරතුරදී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් එම ප්‍රදේශ වල තිබී සොයා ගන්නා ලද රුපියල් ලක්ෂ 161 ක් වටිනා රන් භාණ්ඩ ආයිත්තම දසදහසක ප්‍රමාණය මේ වන වනවිට මැන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වුවා.

එම රන් භාණ්ඩ ආයිත්තම දසදහසක ප්‍රමාණය මේ වන විට මහ බැංකුව බාරයේ තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධිකරණයට දැන්වුවා.

මෙම රන් භාණ්ඩ ආයිත්තම දසදහසක ප්‍රමාණය මැනීමට අවුරුද්දක පමණ කාලයක් ගිය බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධිකරණයට දන්වා සිටියේ.

එම රන් භාණ්ඩ ආයිත්තම දසදහසක ප්‍රමාණයට අදාලව සවිස්තරාත්මක වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහී දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

ජාතික ස්වර්ණාභරණ අධිකාරියට යවා ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පෙර නඩු දිනයකදී නියෝග කර තිබුණා.

නීති විරෝධී ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයා ගැනිමෙන් අනතුරුව මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන මෙම රන් භාණ්ඩ ආයිත්තමයන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස පෙර නඩු දිනයෙදී නියෝග කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes