General16 June 2026

මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් ධාවනය කළ රියදුරන් අටක් දැලේ

රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ පරීක්ෂාවලින් මත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් ධාවනය කළ රියදුරන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එක්ව මෙම පරීක්ෂාවන් සිදු කර තිබෙනවා

ඒ අනුව මගී බස් රථ 96ක් පරීක්ෂා කළ අතර ඉන් රියදුරන් අටක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට පත් වූ බස් රථ රත්නපුර පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බස් රථ රියදුරන් හෙට අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රත්නපුර පොලීසිය පවසන්නේ.

ඉදිරියේදී මෙම වැටලීම් සබරගමුව පළාත පුරා ක්‍රියාත්මක කරන බව සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එල්. කළුතොට මහතා මෙහිදී පවසා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes