පෞරාණික වටිනාකමකින් යුක්ත බවට සැක කෙරෙන සුවිශේෂී පාෂාණයක් රුපියල් කෝටි දෙකක (මිලියන 20ක) මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු පුල්මුඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුල්මුඩේ පොලිස් වසමේ තෙන්නමරම් ප්‍රදේශයේදී පෞරාණික භාණ්ඩ ජාවාරමක් සිදු වන බවට පොලිස් නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (15) සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ත් 57ත් අතර වයස්වල පසුවන පුලියන්කුලම, ඊච්චලම්පත්තුව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩය වශයෙන් තබාගත් පාෂාණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, පුල්මුඩේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Latest News
පාකිස්ථානයේ ළමා මෙහෙකාර සේවය වැළැක්වීමේ නීති ක්‍රියාත්මක වීම සතුටුදායක මට්ටමක නෑ - සෑම නිවාස හතරකින්ම එකක ළමා සේවකයන්!
Local
16 June 2026
උණ ගැනී පැය 48න් ළමයින්ගේ ලේ පරීක්ෂා කරන්නැයි දැනුම්දීමක්
Local
16 June 2026
පෞරාණික වටිනාකමක් ඇති පාෂාණයක් කෝටි 2කට විකුණන්න ගිය 5ක් පුල්මුඩේදී කොටු
Local
16 June 2026
"සලේට දක්වන අනුකම්පාව විමල්ගේ නෝනටත් දැක්වුවා නම් හොඳයි" - මාලිමා මන්ත්‍රිනී ඔෂානි
Local
16 June 2026
සලේගේ බිරිඳ සහ CID නිලධාරීන් මානව හිමිකම් කොමිසම හමුවට
Local
16 June 2026
"විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි" - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
16 June 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ
Local
16 June 2026
අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම් දිනන දකුණ සාමූහිකය දැඩි සේ හෙළා දකී
Local
16 June 2026
වයෝවෘද්ධ මවකගේ අත්පා ගැට ගසා කොල්ල කෑ අයෙක් ගම්මු අල්ලයි
Local
16 June 2026
වාහන 4ක් එකිනෙක ගැටී අනතුරක්
Local
16 June 2026