General16 June 2026

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවත් පහළට

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල අද තවදුරටත් පහළ ගොස් තිබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.9 ක් ලෙස දැක්වුණු අතර ඩබ්ලිව්.ටී. අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 78.36 ක් ලෙසයි.

මේ අතර ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යාමෙන් පසු ජපාන මහ බැංකුව සිය පොලී අනුපාතය වසර 31 කට පසු ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සියයට 0.75 ක් පැවති එරට පොලී අනුපාත 1% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes