සේවක අර්ථ සාධක අරමුදලට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට අදාළ සියලු කාර්යයන් ඒකාබද්ධ පාලන රාමුවක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ ස්ථාපිත සේවක අර්ථසාධක අරමුදල මගින් සාමාජිකයන් මිලියන 2.5කට අධික සංඛ්‍යාවක් ආවරණය කරනු ලබන අතර, එහි වත්කම් රුපියල් ට්‍රිලියන 4.9 ඉක්මවනු ලබනවා.
සේවක අර්ථ සාධක අරමුදලේ භාරකාරිත්වය, ආයෝජන කළමනාකරණය, මුල්‍ය පරිපාලනය සහ සාමාජික ප්රතිලාභ ගෙවීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වන අතර, සේවා යෝජකයින් සහ සේවකයින් ලියාපදිංචි කිරීම, අනුකූලතාව බලාත්මක කිරීම, හිඟ මුදල් අය කර ගැනීම සහ පනත යටතේ සේවක අයිතිවාසිකම් නීතිමය වශයෙන් ආරක්ෂා කිරීමේ වගකීම කම්කරු දෙපාර්තමේන්තුව සතුවනවා.
1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත මගින් පිහිටුවන ලද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරනු ලබන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් මගින් පාලනය වෙනවා.
එකී අරමුදල මගින් මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයින් මිලියන 3කට අධික සංඛ්‍යාවක් ආවරණය වන අතර, එහි වත්කම් ප්‍රමාණය බිලියන 637.5 ක් ඉක්මවා තිබෙනවා.
සමාජ ආරක්ෂණය සඳහා ත්‍රෛපාර්ශ්වික පාලනයක් පැවතීම ජාත්‍යන්තරව පිළිගත් හොඳම පිළිවෙතක් වන අතර, එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ප්‍රවර්ධනය කරනු ලබන මූලික මූල ධර්මයක්.
එබැවින්, සාමාජිකයන්ගේ වත්කම් පිළිබඳව පුර්ණ නීතිමය සහ මුල්‍යමය ආරක්ෂාව තහවුරු කරමින් ජාත්‍යන්තර හොඳම පිළිවෙත් හා අනුකූලව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සියලු කාර්යයන් රජය, සේවායෝජකයින් සහ සේවකයින් නියෝජනය කරන ත්‍රෛපාර්ශ්වික මණ්ඩලයක් යටතේ ඒකාබද්ධ පාලන රාමුවක් යටතට පත් කිරීමේ ශක්‍යතාව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහායි කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත්තේ.

Latest News
උඩවලව නගරය ඇතුළු අවට ප්‍රදේශවලට අද පැය 13ක ජල කප්පාදුවක්
Local
17 June 2026
ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවත් පහළට
Local
17 June 2026
'රීකන්ඩිෂන්ඩ්' වාහන මිලත් යළි ඉහළට! - Vezel ලක්ෂ 20කින්: Wagon R ලක්ෂ 7.5කින්: Yaris ලක්ෂ 10කින් ඉහළ යා හැකියි
Local
17 June 2026
යෝෂිත අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
17 June 2026
A-9 මාර්ගයේ පූනෑව, ගල්කන්දේගමදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට
Local
17 June 2026
ඩොලර් බිලියන 36ක 2030දී අපනයන ආදායමක් ඉලක්ක කර ජාතික අපනයන සැලැස්ම දියත් කෙරේ
Local
17 June 2026
අමෙරිකා - ඉරාන ගිවිසුමට ඩොලර් බිලියන 300ක දැවැන්ත අරමුදලක්!
Local
17 June 2026
යෝෂිත අද අල්ලස් කොමිසමට
Local
17 June 2026
EPF - ETF ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම ගැන සොයන්න කමිටුවක්
Local
17 June 2026
මෙසීගෙන් ඓතිහාසික ගෝල ත්‍රිත්වයක්! ලෝක කුසලාන වැඩිම ගෝල වාර්තාව සමකරයි
Local
17 June 2026