Sports17 June 2026

මෙසීගෙන් ඓතිහාසික ගෝල ත්‍රිත්වයක්! ලෝක කුසලාන වැඩිම ගෝල වාර්තාව සමකරයි

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස මෙතෙක් පැවති වාර්තාව (ගෝල 16) සම කිරීමට ආර්ජන්ටිනාවේ සුපිරි තරුව මෙසී සමත්ව තිබෙනවා.

ඒ, පාපන්දු කුසලාන තරගාවලියේ 'J' කාණ්ඩය යටතේ අද (17) පැවති තීරණාත්මක මූලික වටයේ තරගයේදී ඇල්ජීරියානු කණ්ඩායම හමුවේ ගෝල ත්රිත්වයක් වාර්තා කරමින්.

එමෙන්ම මෙවර පාපන්දු කුසලාන තරගාවලියේ එක් තරගයකදී ගෝල ත්රිත්වයක් වාර්තා කළ පළමු ක්රීඩකයා බවට ද ඔහු පත්වුණා.

'J' කාණ්ඩය යටතේ අද පැවති තීරණාත්මක මූලික වටයේ තරගයෙන් ඇල්ජීරියානු කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් කරමින් විශිෂ්ට ජයග්රහණයක් වාර්තා කිරීමට අර්ජෙන්ටිනා කණ්ඩායම සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes