ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් පිළිගැන්වුවා.
2025 අයවැය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව සකස් කර ඇති මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වන්නේ, රටේ අපනයන ක්ෂේත්රය ශක්තිමත් කරමින් අපනයනය මූලික කර ගත් තිරසර ආර්ථික වර්ධනයක් රට තුළ අත්පත් කර ගැනීමයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නායකත්වය යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර තිබෙනවා.
මෙම සැලැස්ම ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට, පසුගිය මැයි මස 4 වැනිදා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වුණා.
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන ජාතික දැක්මට සමගාමීව ක්‍රියාත්මක වන මෙම සැලැස්ම මඟින් 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි.
මෙම උපායමාර්ගික සැලැස්ම 'තිරස් අංශ' සහ 'ප්‍රමුඛතා අංශ' යන එකිනෙක හා සම්බන්ධ ප්‍රධාන කුලුනු දෙකක් මත පදනම් වී තිබෙනවා.
මෙහිදී ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව වඩාත් තරගකාරී ලෙස ස්ථානගත කිරීම සඳහා ප්රමුඛ අපනයන අංශ අටක් (08) හඳුනාගෙන ඇති අතර, මෝටර් රථ උපාංග, ඛනිජ පදනම් කර ගත් කර්මාන්ත, රබර්, සමුද්‍රීය කර්මාන්ත (බෝට්ටු සහ නැව් තැනීම), කුළුබඩු, ඩිජිටල් නිෂ්පාදන හා සේවා, විදුලි හා විද්‍යුත් උපාංග මෙන්ම සැකසූ ආහාරපාන ඒ අතර වනවා.
රජයේ ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් ඇතුළු 300කට අධික පිරිසකගේ පුළුල් දායකත්වයෙන් සහ පොදු එකඟතාවෙන් යුතුව නිමවා ඇති මෙම ජාතික සැලැස්ම, ඉදිරියේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පෙරගමන්කරු ලෙස ක්‍රියා කරනු ඇතැයි රජය විශ්වාසය පළ කරනවා.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Latest News
පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ
Local
16 June 2026
රුමේෂ් තරංගගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Local
16 June 2026
නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
Local
16 June 2026
‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ ජනපතිට පිළිගන්වයි
Local
16 June 2026
සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
16 June 2026
සියළු රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකළ බව CIDය පිළිගනී
Local
16 June 2026
ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති
Local
16 June 2026
හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද
Local
16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026