General16 June 2026

පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ

දැනට සිදුවෙමින් පවතින පාස්කු විමර්ශන මැද්දට පැන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන සියළු පිරිසට නීතිය ක්‍රියාත්මක කරන බව මාලිමා මන්ත්‍රී අනුර පනාගොඩ පවසනවා.

පාස්කු විමර්ශන පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

"ඇත්ත වැරදිකරුවන්ට දඬුවම් දීම රජයේ වගකීමක්. ඒකට කවුරුහරි කෙනෙක් අතරමැදට කඩා පැනලා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න, ඇත්ත වැරදිකරුවන් සඟවන්න, ඔවුන්ට ආරක්ෂාව දෙන උවමනාවෙන් මේ කටයුත්ත කඩාකප්පල් කරනවා නම් අපි ඒක යන්න ඇරලා බලාගෙන ඉන්නේ නෑ. ඒ ඕනම කෙනෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අදාල ආයතන ක්‍රියාත්මක වෙනවා" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes