මීට වසර පහකට පෙර පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවීමේ චෝදනාවට පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට නිතිපතිවරයා විසින් ඊයේ (17) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල හමුවේ අධිචෝදනා බාර දුන්නා.
මෙහිදී අධිචෝදනා ලැබුවේ එවකට පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි ලින්ටන් සිල්වා, එම පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් වූ ජේ. ඒ. සුමිත් කුමාර සෝමරත්න, ඩී. එම්. නදුන් තාරක මධුරංග අබේකෝන් සහ පී. ඒ. අතුල විජේසිංහ යන අයයි.
මෙම පහරදීමට ලක්වූයේ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර සහ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ බාල පුත්‍රයා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නයි.
නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ සහ 1994 අංක 22 දරන වධහිංසාවලට සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනත යටතේ චෝදනා ගොනු කර තිබෙනවා.
ඉකුත් 2021 පෙබරවාරි 25 වන දින හෝ ඊට ආසන්න දිනයකදි මිගාර ගුණරත්න යන අය, රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලිස් භාරයේ පසුවූ ජනාධිපති නීතිඥවරයාගේ සේවාදායකයකු වන ශෂික ජයවීර නමැත්තෙකුට දහවල් ආහාරය ලබා දීමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් රැඳවුම්කරුගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර, එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් දුරදිග යාමෙන් පොලිස් නිලධාරීන් විසින් මෙම නීති ශිෂ්‍යයාට අමානුෂික ලෙස පහර දී වධහිංසා පමුණුවා ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් මිගාර ගුණරත්න පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කර තිබුණා.
මෙම නඩුව යළි ලබන ජූලි මස 16 වන දින නැවත කැඳවීමට නියමිතයි.
Latest News
කොටගල මංගල සාදයක ගැටුමක් සමතයට ගිය OIC ඇතුළු නිලධාරීන්ට පහරදීමක්; 6ක් කොටු
Local
17 June 2026
පෑලියගොඩ පොලිසියේදී නීති ශිෂ්‍යයකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියට හිටපු OIC ඇතුළු පොලිස් නිලධාරීන් හතරකට අධිචෝදනා
Local
17 June 2026
''නිසි ලෙස නොහැසිරුණොත් ඉරානයට බෝම්බ හෙළනවා'' - ට්‍රම්ප්
Local
17 June 2026
තෙල්දෙණිය රෝහල ආසන්නයේ රථගාලක මෝටර් රථයක් තුල තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
Local
17 June 2026
52 වැනි ජී-7 සමුළුව අතරතුර මෝදි - ට්‍රම්ප් හමුවක්
Local
17 June 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ: පෙත්සම් විභාගය අවසන්!
Local
17 June 2026
''ආශු අපේ කෙනෙක් නෙමෙයි'' - එක්සත් ජාතික පක්ෂය
Local
17 June 2026
යෝෂිතට ඇප - රට ගමන් තහනම්
Local
17 June 2026
ගෝඨාභයගේ පෙත්සම කරුණු තහවුරු කිරීමට හෙට යළි කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
17 June 2026
යෝෂිත අධිකරණයට රැගෙන එයි
Local
17 June 2026