General18 June 2026

කුඩු කුමාරිගේ රුපියල් කෝටි 4ක දේපළ තහනම් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින නිලන්ති පෙරේරා හෙවත් කුඩු කුමාරි නමැති කාන්තාවට අයත් ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 4ක් පමණ වටිනා සුඛෝපභෝගී නිවසක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් තහනමට ලක් කර තිබෙනවා.

නීති විරෝධී වත්කම් උපයාගැනීමේ චෝදනා යටතේ සිදුකළ විමර්ශනයකට අනුවයි මෙම දේපළ තහනම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම නිවස නිල වශයෙන් තහනමට ලක් කර සීල් තැබීමට පෙර, කිසියම් පිරිසක් විසින් එහි සවිකර තිබූ දොර ජනෙල්, උලුවහු ගලවාගෙන ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes