මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල්වලින් මිලදී ගන්නා ලද කටුවාවල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් සහ ඉඩමක් දින 07ක කාලයකට තහනම් කිරීමට (ක්‍රියාවිරහිත කිරීමට) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.
ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගනිමින්.
පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරමින් නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කරන ලද දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබුණා.
එහිදී සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් යොදවා කටුවාවල, දිවුල්පිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 10ක ඉඩමක් මිලදී ගෙන එහි දෙමහල් නිවසක් ද ඉදිකර ඇති බවයි.
ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියාත්මක වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, අදාළ දේපළ පෙරේදා (17) දින සිට බලපැවැත්වෙන පරිදි දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමට අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා තිබුණා.
මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මෙම සැකකාර කාන්තාව ඉකුත් මැයි 21 වන දින අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඇය අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථා කිහිපයකදීම රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණා.
ඒ අනුව ඇය හෙට (19) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ඉකුත් නඩු දිනයේදී අධිකරණය නියෝග කර තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Latest News
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026
රට පුරා මාරක රිය අනතුරු පහකින් හය දෙනෙක් ජීවිතක්ෂයට!
Local
18 June 2026
මැදවච්චියේ සැලූන් හිමිකරුවකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
18 June 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කටුවාවල දෙමහල් නිවෙස සහ ඉඩම තහනමට: සැකකාරිය හෙට (19) තෙක් රිමාන්ඩ්
Local
18 June 2026
රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි
Local
18 June 2026
''මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා'' - ඇමති ආනන්ද විජේපාල
Local
18 June 2026
ස්පයිඩර් මෑන් ප්රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට
Local
18 June 2026
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026