තමන්ගේ සේවය තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න කතානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස 20 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
මෙම පෙත්සම අද (19) අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට සූදානම් බව සඳහන් කළා.
එම අවස්ථාවේදී අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකරන බව සඳහන් කළා.
සෙසු වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින බිමල් රත්නායක සහ අනිල් ජයන්ත යන අමාත්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් සහ තවත් වගඋත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් යන අයද මෙම නඩුකරය සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බව පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස 20 වැනිදා කැඳවන ලෙස නියම කළා
කිසිදු සාධාරණ විමර්ශනයක් නොපවත්වා ගෙන සිය වැඩ තහනම් කිරීමට කතානායකවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත්, එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Latest News
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි
Local
19 June 2026
කලින් ලාභයි, දැන් අලාභයි: සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් - නි. ඇමති චතුරංග
Local
19 June 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්
Local
19 June 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා
Local
19 June 2026
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026