අමෙරිකා, ඉරාන ජනාධිපතිවරුන් දෙරට අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමට අත්සන් තැබීම සමගින් ලෝක
වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.
ඊයේ වාර්තා වූ බොරතෙල් මිල එදිනට වසරකට පෙර පැවැති අගයට සමාන වී තිබීමත් විශේෂත්වයක්
එවන් පසුබිමක අද උදෑසන වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.38ක් ලෙස සටහන් වූ අතර WTI බොරතෙල්
බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.45ක් ලෙස සටහන් වුණා.
දින 100කට අධික කාලයක් පුරා අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද ගැටුම හරහා මැදපෙරදිග කලාපයේ අස්ථාවරත්වයක් ඇතිවූ අතර පසුව එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය බලශක්ති අර්බුදයක්ද නිර්මාණය වුණා.
කෙසේ වෙතත් අමෙරිකා ඉරාන ජනාධිපතිවරුන් දෙරට අතර යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මූලික සාම ගිවිසුමට අත්සන් තැබීම සමගින් හෝමුස් සමූද්‍ර සන්ධිය යළි විවෘත කළ අතර ඒ සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු පහත වැටී තිබෙනවා.
ඒ යටතේ මැදපෙරදිග සිට ආසියානු කලාපය වෙත ඉන්ධන බැරල් මිලියන 62කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි සති තුන තුළ පැමිණෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
මේ හෝමුස් සමූද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය යථාවත් වී තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ යුද ගැටුම ආරම්භ වීමට පෙර එනම් පසුගිය පෙබරවාරි මස 28 වැනිදා වන විට ලෝක වෙළෙදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.87ක් ලෙසත් WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67.02ක් ලෙසත් සටහන්වුණා.
කෙසේ වෙතත් අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම උත්සන්න වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 126 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 115 දක්වාත් ඉහළ ගියා.
කෙසේ වෙතත් මේවන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යාමක් පෙන්නුම් කරනවා.
ඒ අනුව ඊයේ දිනයේ්දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.64ක් දක්වා පහත වැටී තිබූ අතර WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73.93ක් දක්වා පහත වැටී තිබුණා
එය ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල,පසුගිය වසරේ ජුනි 18 වැනිදා පැවැති අගයට සමානයි.
කෙසේ වෙතත් අද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.38ක් ලෙස සටහන් වූ අතර WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.45ක් ලෙස සටහන් වුණා
ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම මෙරට ඉන්ධන මිලටද සැලකිය යුතු බලපෑමක් එල්ල කළා.
අමෙරිකාව සහ ඉරානය අතර යුධ ගැටුම ආරම්භ වූ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිට අවස්ථා 06කදී මෙරට ඉන්ධන මිල සංශෝධනය වී තිබෙනවා.
එම ප්‍රමාණය දළ වශයෙන් 40% ක පමණ ඉහළ යාමක් ලෙසයි ගනන් බලා ඇත්තේ
ඒ අනුව මැද පෙරදිග යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල්141කින් ඉහළ ගොස් ඇති අතර , ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 155කින් වැඩි වී තිබෙනවා.
එමෙන්ම මැද පෙරදිග යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 126කින්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 149කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 103කින් ඉහළ ගොස් ඇත්තේ ක්ෂේත්‍ර ගණනාවකටද බලපෑම් එල්ල කරමින්.

Latest News
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි
Local
19 June 2026
කලින් ලාභයි, දැන් අලාභයි: සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් - නි. ඇමති චතුරංග
Local
19 June 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්
Local
19 June 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා
Local
19 June 2026
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026