General20 June 2026

කළින් ආණ්ඩු ජනතාව පීඩාවට පත් කළාට අපි එහෙම කරන්නෙ නෑ - මාලිමා මන්ත්‍රී චන්දන

සිය රජයට ජනතාව පීඩාවට පත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ,

"අපිට අවශ්‍ය නෑ ජනතාව පීඩාවට පත් කරන්න. අපි දැක්කා එහෙම ආණ්ඩු තිබුණා. ආපු තෙල් නැව බාගන්න බැරුව හිටියා අපි දැක්කා. ජනතාව මහපාරේ මැරී වැටෙද්දී පාලකයෝ සැප වින්ද, රට සවාරි ගහපු, ජනතා මුදලින් ආතල් ගත්ත යුගයක් තිබුණේ" යනුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes